×

Search News

LATEST NEWS

තුසිත හල්ලොලුවට ඇප - විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අනුව සැකකරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇති බව සඳහන්.

ඉන්පසුව සැකකරු විදේශ ගත වීම තහනම් කිරීමට නියම කෙරුණු අතර සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියෝග කළා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමන් ගමන් ගත් වාහනයට පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තබා ගැනීමේ සිද්ධිය පිළිබඳව මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

Previous Article Next Article