නාගරික මන්ත්‍රිනී හර්ෂණී සඳරුවනි CID අත්අඩංගුවට
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිනී හර්ෂණී සඳරුවනි මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අගෝස්තු මස 22 වනදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුව්ලාට් අපහාස කිරීම පිළිබඳව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මඟින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
46 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.