×

Search News

LATEST NEWS

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක රංගන ශිල්පිනියන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමඟ විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන රංගන ශිල්පිනියක් පස් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව ඊයේ (31) අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව සඳහන් කර ඇත.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා ඇත්තේ මෙම රංගන ශිල්පිනියන් කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධමය කටයුතුවලට යොමු වී ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 7 වනදා ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

Previous Article Next Article