×

Search News

LATEST NEWS

ඉන්දීය සාගරයේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇති වූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

එම ආයතනය සඳහන් කරන්නේ දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇති බවයි.

මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර කිසිඳු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැති බව සඳහන්.

Previous Article Next Article