×

Search News

LATEST NEWS

නියෝජ්‍ය කථානායකත් ඉන්ධන දීමනාව එපා කියයි

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දී තිබෙනවා.

ඔහු මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මුල්‍ය අංශයට ලිඛිතව දැනුම් ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ කෙසේ වෙතත් කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවත් ලැබෙන ඉන්ධන දීමනාවත් යන දෙක ගන්නා බවයි.

අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.

Previous Article Next Article