ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 6 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇති බව සඳහන්.
මේ වන විට අදාළ සැක සහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන පවතින බවද වාර්තා වනවා.