×

Search News

LATEST NEWS

එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමක් - 10 දෙනෙක්ට තුවාල

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි පහරකින් පුද්ගලයින් 10 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මඟීන් ඩෙන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධියෙන් පසුව එම දුම්රියේ ධාවනය අත්හිටුව තිබෙනවා.

ඊට අමතරව නගරයේ මාර්ග රැසක් වසා දැමීමට ද එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article