×

Search News

LATEST NEWS

සංචාරක පනත සංශෝධනය කරනවා - අමාත්‍ය විජිත හේරත්

සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මෙරට සංචාරක පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මෙහිදී සඳහන් කළේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක් ඉලක්කයක් වත්මන් රජයට පවතින බවයි.

තවද සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඒ මහතා පැවසුවේ එම ජාතික සංචාරක කොමිසම හරහා දිස්ත්‍රික් මට්ටමින් හා සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක කමිටු ගොඩ නැගීමට සැලසුම් කරන අතර ඊට ඉලක්ක කරගත් නව නීතියක් ගෙන එන බවයි.

මේ සඳහා දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ සංචාරක පනත සංශෝධනය කර ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමට භාර දී ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Previous Article Next Article