×

Search News

LATEST NEWS

ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමඟ හසුවෙයි

දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදා හරින 'ඩුබායි කුඩු දිලිනි' නැතිනම් 'කැන්ඩි කුවීන්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවන්ට අයත් මත්කුඩු බෙදා හැරි යුවළක් කෑගල්ල කොට්ඨාශය අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) සවස කෑගල්ල, වලකඩයාව ප්‍රදේශයේ දී වයස අවුරුදු 46ක් වූ කාන්තාවක් හා 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 20ක් හා කාන්තාව සතුව එවැනි පැකට් කිහිපයක හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 520ක් තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි යතුරු පැදිය ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සැකකාරිය හා සැකකරු කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කෑගල්ල මහෙස්ත්‍රාත් ශෂිකා මිථුනගේ ආරච්චි මෙනෙවිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පසුව දින 7ක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

Previous Article Next Article