×

Search News

LATEST NEWS

මල්වතු නායක හාමුදුරුවන්ගේ නෑයෙක් ලෙස රගපෑ වේදිකා නළුවෙක් නුවර දී අල්ලයි

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියෙකු ලෙස පෙනී සිටි වේදිකා නාට්‍ය නළුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකරු පොලීසිය සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී ද උන්වහන්සේගේ ඥාතියෙකු ලෙස පෙනී සිට ඇති බවයි.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියෙකු බව සඳහන් කරමින් නිලධාරීන්ට තර්ජනය කර කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධව ද සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ සැකකරු මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් දිගන ප්‍රදේශයේ පදිංචි 40 සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මල්වතු පාර්ශවය විසින් සැකකරු පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Previous Article Next Article