×

Search News

LATEST NEWS

සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුවයි.

මෙම සංචාරය අතරවාරයේ දී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමට නියමිත බව සඳහන්.

විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරය වනවා.

Previous Article Next Article