×

Search News

LATEST NEWS

ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදුවන් 12ක් මරුට

වයඹදිග පාකිස්තානයේ හමුදා රථ පෙළකට ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සොල්දාදුවන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දකුණු වසිරිස්තානයේ කඳුකර බඩාර් ප්‍රදේශයේදී සොල්දාදුවන් වාහනවලින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසුව පාකිස්තාන සොල්දාදුවන් 12 දෙනෙකු සහ ඉස්ලාමීය සටන්කාමීන් 13 දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Previous Article Next Article