×

Search News

LATEST NEWS

අමෙරිකාවේ දී ගුවන් යානයක් කඩා වැටෙයි

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් 11 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ ගුවන් යානය ගුවන් ගත වීමේදී අනතුරට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපොළේ දී සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

Previous Article Next Article