×

Search News

LATEST NEWS

ඇමති විජිත හෙට සෞදියට

අමාත්‍ය විජිත හේරත් මහතා රියාද්හි පැවැත්වෙන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීමට හෙට (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අමාත්‍යවරයා හෙට (08) සිට ලබන 11 වනදා රියාද් අගනුවර රැඳී සිටීමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ එරට පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහායි.

මෙම සංචාරය අතරවාරයේ දී විජිත හේරත් මහතා ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගී වීමට ද නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඊට අමතරව අනෙක් සාමාජික රටවල් කිහිපයක නියෝජිතයින් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව 1975 දී පිහිටුවන ලද UNWTO හි ආරම්භක සාමාජිකයෙකි.

Previous Article Next Article