NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කරයි
හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
එම ලිපියෙන් විදුහල්පතිවරයාට දන්වා ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.
ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි. ග්‍රෑම් 118ක් අත්අඩංගුවට ගනු ලැබුවා.