×

Search News

LATEST NEWS

අමෙරිකාවේ ගුවන් ගමන් වාර 5,000ක් අවලංගු වෙයි

අමෙරිකානු වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් අඩු කිරීමට ගුවන් සමාගම්වලට කර තිබූ නියෝගයට අනුව ඊයේ (07) දිනයේ ගුවන් ගමන් වාර 5000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද වී ඇති විදෙස් වාර්තා සඳහන් කළා.

අමෙරිකානු රජය අකර්මන්‍ය වීම හේතුවෙන් ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක කටයුතු 10%කින් අඩු කරන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබුණා.

අමෙරිකානු සෙනට් සභාවේ දී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 38ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ලම අකර්මන්‍යව පවතිනවා.

Previous Article Next Article