×

Search News

LATEST NEWS

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට

දේශපාලන ක්‍රියාකාරීකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා කරන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12400ක සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන් පිරිස කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නිත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බවයි.

Previous Article Next Article