×

Search News

LATEST NEWS

අලි රොෂාන්ට වසර 15ක සිරදඬුවමක්

බලපත්‍ර නොමැති අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ද නියම කෙරුණා.

තවද අලියා රාජසන්තක කිරීමට ද මහාධිකරණය නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමටයි.

Previous Article Next Article