×

Search News

LATEST NEWS

හොංකොං සික්සස් බඳුන ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්.

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ තෙවන සහ අවසන් දිනය වන අද (07) බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට පමණ ඇරඹුණා.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් රැස්කළා.

ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලකුණු 85ක් පමණ රැස් කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟය ලකුණු 21ක් ජය ගනිමින් මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

Previous Article Next Article