×

Search News

LATEST NEWS

හොර පාරෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේශ්වරම් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි වන මෙම පුද්ගලයා තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන කඳවුරක රැඳී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි.

ඔහු සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර ඔහු නිත්‍යානුකූලව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

රාමේශ්වරම් පොලීසියට ලද බුද්ධි තොරතුරක් මත මණ්ඩපම් සරණාගත කඳවුර අසළ උද්‍යානයක රැඳී සිටියදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සැකකාර ශ්‍රී ලාංකිකයා එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Previous Article Next Article