ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර එක්දින සටන අද ඇරඹේ
සත්කාරක පාකිස්ථාන ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (11) ආරම්භ වනවා.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් පාකිස්ථානය සමඟ එක්දින තරඟ 3කට සහභාගී වීමට නියමිතයි.
පාකිස්ථානයේ රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) පස්වරු 3ට ආරම්භ වනු ඇති.
මෙම එක්දින තරඟාවලියෙන් අනතුරුව පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල සහභාගීත්වයෙනි.