×

Search News

LATEST NEWS

ඉන්දියාවේ අගනුවර පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙක් මරුට

ඉන්දියාවේ දිල්ලි අගනුවර රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ස්ථානය අසල ප්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි.

රෙඩ් ෆෝට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල නවතා තිබූ මෝටර් රථයක සිදුවූ මෙම පිපිරීමෙන් දැවැන්ත ගින්නක් මේ වන විට ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් ගින්නේ බලපෑම ප්‍රදේශය පුරාවටම එල්ල වී ඇති බව සඳහන්.

මෙම පිපිරීම සමඟ ඉන්දියාවේ අගනුවර පුරා පොලීසිය විසින් වහාම දැඩි අනතුරු ඇඟවීම්ක් නිකුත් කර ඇති බවද වාර්තා වනවා.

දිල්ලි ගිනි නිවන සේවා සහ පොලීසිය එක්ව මේ වන විට එම ස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදුකරමින් පවතිනවා.

Previous Article Next Article