×

Search News

LATEST NEWS

අපිට දෙන කැබ් තුන සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න

පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්තියක් තිබුණ ද මෙවර විපක්ෂය හැටියට අප සියලු දෙනා එකට එක්වන්නේ ආණ්ඩුව ගෙන යන ජනතාව රවටන වැඩපිළිවෙල රටට හෙළි කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින්.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන බවත් විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බවත් ඒ මහතා මෙහිදී පැවසුවා.

"අපි බලමු 21වෙනිදාට මොකද වෙන්නේ කියලා.

ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති.

අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා."

Previous Article Next Article