×

Search News

LATEST NEWS

ඉන්දු - පාකිස්තාන බෝම්බ පිපිරීම්වලින් ලංකාවට අවධානමක් නෑ - අමාත්‍ය ආනන්ද විජේපාල

ඉන්දියාවේ දී සහ පාකිස්ථානයේ දී සිදුවූ පිපිරීම්වලින් ලංකාවට කිසිඳු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂක පිළිබඳව ගැටළුවක් නොමැති බවයි.

"දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ."

ප්‍රශ්නය - පාතාල පිරිසක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද?

"නෑ එහෙම කිව්වේ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර පිරිස් එහෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමා කිව්වේ. ජාවාරම්වල ඉන්න අය එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්ත්වයක්."

Previous Article Next Article