×

Search News

LATEST NEWS

ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් හත්දෙනෙක් මරුට

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා.

එම පොලිස් ස්ථානය ගබඩා කර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරික්ෂා කිරීමට යාමේ දී මෙම පිපිරිම සිදුව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 27කට තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල දැක්වෙනවා.

මියගිය අය අතර පුපුරණ ද්‍රව්‍ය පරික්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ඇති බව සඳහන්.

පසුගිය ද නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු කාශ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන් බවද වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන සිදුකර ඇත්තේ නව්ගම් පොලිස් ස්ථානය යටතේයි.

මෙහිදී ඔවුන්ට දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමටද හැකිව තිබෙනවා.

එම තොගය පරික්ෂා කිරීමට යාමේ දී මෙලෙස පුපුරාගොස් ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article