×

Search News

LATEST NEWS

ෂෙයික් හසීනාට මරණ දඬුවම

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.

ඒ පසුගිය වසරේ එරට පැවැති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ල වී තිබූ චෝදනාව හේතුවෙනි.

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම, වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස හිටපු අගමැතිවරියට දඬුවම් ලබාදී තිබෙනවා.

Previous Article Next Article