×

Search News

LATEST NEWS

පොලිස් වාර්තා ගන්න සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ අනුමැතියත් ඉල්ලයි

පොලිස් වාර්තා ලබා ගැනීම  ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබා ගත යුතු බවට පොලීසිය විසින් දැනුම් දී ඇති බව ග්‍රාම නිලධාරීන් පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවනු ලද අතර ඒ සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී වුණා.

මේ අනුව පොලිස් වාර්තාව ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබා ගන්නා ලෙස ග්‍රාම නිලධාරීන් විසින් සිය ප්‍රදේශයේ මහජනතාව මේ වන විට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article