×

Search News

LATEST NEWS

කටුනායකට ආපු ගුවන්යානා තුනක් හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිත වූ ගුවන් යානා 3ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

අද (19) උදෑසන පැවැති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන් යාන හරවා ඇති බවයි වාර්තා වන්නේ.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL 266 ගුවන් යානය මෙලෙස හරවා යවා තිබුණා.

ඊට අමතරව සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 254 ගුවන් යානය ඉන්දියාවේ කේරලයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article