×

Search News

LATEST NEWS

දයාසිරි කළ වැඩක් ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා දැනුම් දුන්නේ 2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී  සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බවයි.

එම කමිටුව සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.

අදාළ කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස අමාත්‍ය උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි සමාජිකයින් ලෙස නම් කර ඇති බව සඳහන්.

"2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 25 වනදා දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි  සභාපතිත්වයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ  සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි."

Previous Article Next Article