එමිරේට්ස් යානයක් හදිසියේ කටුනායකට ගොඩබායි
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් A380 වර්ගයේ ගුවන් යානයක් (EK434) හදිසි තත්ත්වයක් හේතුවෙන් අද (20) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමක් සිදුකර තිබෙනවා.
ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ යානයේ ගමන් ගත් ගුවන් මඟියෙකුට ඇති වූ හදිසි අසනීප තත්තවයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස හදිසි ගොඩබෑමක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත හරවා ඒවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.