වෙඩි තැබීම් සහමුලින්ම ඉවර කරොත් පොලීසියට කරන්න රාජකාරියක් නෑනේ - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
වෙඩි තැබීම් සහ අපරාධ සහමුලින්ම තුරන් කර නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රටේ තැනින් තැන සිදුවන වෙඩි තැබීම් පිළිබඳව මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේදීයි.
ඒවා සම්පුර්ණයෙන් නැවතුණහොත් පොලීසියට සිදු කිරීමට රාජකාරියක් නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.
“ වෙඩි තැබීම් තැනින් තැන සිද්ධ නොවෙන රටක් ලෝකෙ තියනවනම් ඒකත් ලොකු දෙයක්නෙ. අපි සහමුලින් ඉවර කරලා නැහැ තමයි. සහමුලින් ඉවර කලොත් පොලිසියට රාජකාරියක් නැහැනේ.”