×

Search News

LATEST NEWS

දකුණු මුහුදින් සොයාගත් මත්ද්‍රව්‍ය සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

දකුණු මුහුදු තීරයේ දී ඊයේ (20) මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භ්ර්යට ගැනීමේ සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පන්නල ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6 දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත ගෙනු එනු ලැබුවා.

ආරක්ෂක අංශ වෙත ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද හමුවී තිබෙනවා.

මේ අනුව යාත්‍රාවේ තිබී මලු 5ක පැකට් 100ක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13කට පැකට් 200ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක් සහ පිස්තෝලයක් හා මැගසින් දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

Previous Article Next Article