×

Search News

LATEST NEWS

සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වසා දමයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසා තැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබෙනවා.

මේ වන විට සෝමාවතිය සුංගාවිල මාර්ගයේ දීගල්ල ප්‍රදේශයේ කිලෝමීටර් 35 - 37 කනුව අතර ප්‍රදේශය මේ වන විට අඩි 2ක් පමණ යටව පවතිනවා.

උදෑසන එම මාර්ගය පැවැති සුළු ජල මට්ටම හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා රථ වාහන ධාවන කටයුතු අත්හිටුවීමට පුලස්තිපුර පොලීසිය විසින් කටයුතු කළා.

කෙසේ නමුත් සවස වන විට ජල මට්ටම වැඩි වීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ සියලු රථවාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය විසින් පියරගෙන තිබෙනවා.

මෙම ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් මෙම දින කිහිපය පසුකර ඒ සඳහා පැමිණෙන ලෙසත් මහවැලි ගංගා දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් දන්වා සිටිනවා.

Previous Article Next Article