BREAKING - අද සහ හෙට අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කරයි
අපොස උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිව තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇති බවයි.
විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.