×

Search News

LATEST NEWS

වයඹට උතුරු මැදට සහ ත්‍රිකුණාමලයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාවක්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210KM ගිනිකොන දෙසින් අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේ නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වයඹ පළාත, උතුරු මැද සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් මි. මී. 200ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි. මී. 150ට වැඩි ඉතා වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60-70ක පමණ ඉතා තද සුළං ඇති වනවා.

තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Previous Article Next Article