ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ
උතුරු සුමාත්‍රාවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.6ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (27) උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන තිබුණේ කිලෝමීටර් 25ක් ගැඹුරිනි.