සෙනසුරාදාත් විභාගය නෑ - විභාගය පැවැත්වෙන විකල්ප දිනයන් මෙන්න
එළැඹෙන සෙනසුරාදා දිනයේ ද (29) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව අද (27), හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව සඳහන්.
මේ සඳහා විකල්ප දින ලෙස දෙසැම්බර් මස 7,8,9 යන දිනයන් ලබාදී තිබෙනවා.
ඒ අනුව අද (27) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 7 වනදාත්, හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 8 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.