×

Search News

LATEST NEWS

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් වෙන්න - ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමඟ දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතුව ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවලට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා සම්බන්ධව විමසා බැලීම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.

තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට ජනතාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

තවද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට කඩිනමින් මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මෙහිදී මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාදය සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් අද (27) පස්වරු 2ට පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

තවද මෙහිදී ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු සම්බන්ධව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණා.

Previous Article Next Article