×

Search News

LATEST NEWS

ආපදා මරණ 39ක් දක්වා ඉහළට

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළදී ආපදා මරණ 39ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය දත්ත වාර්තා පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇති බවයි.

එම ප්‍රදේශවල පවුල් 1158කට අයත් පුද්ගලයින් 4008ක් ආපදාවට ලක්ව ඇති බව සඳහන්.

තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදහන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ අතර සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් මේ වන විට තුවාල ලබා තිබෙනවා.

පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවාතැන් ලබාදී බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවයි.

Previous Article Next Article