×

Search News

LATEST NEWS

මහනුවර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

මහනුවර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තා වන අන්දමට එම ප්‍රදේශයේ විශාල කොටසක් නාය ගොස් ඇති බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස 7ක් පමණ නාය යෑමට හසුව ඇති බවයි.

මෙම නාය යෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙක් අතුරුදහන්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වන විට මෙහෙයුම් දියත් කර තිබෙනවා.

Previous Article Next Article