×

Search News

LATEST NEWS

පාර්ලිමේන්තුවත් දින දෙකකට කල් දමයි

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අනුව ලබන සඳුදා දිනයේ දී නැවත පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබෙනවා.

අදාළ රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමටයි.

මේ අනුව සඳුදා සහ අඟහරුවාදා දිනයන්වල උදෑසන 9 සිට පස්වරු 6 දක්වා එදිනට නියමිත විවාදය පැවැත්වෙනු ඇති.

Previous Article Next Article