×

Search News

LATEST NEWS

අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ මේ අනුව අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ විශේෂ නිවාඩු දිනයක් වන බවයි.

මේ අතර ජාත්‍යන්තර පාසල් වසා දැමීමට හෙට (28) දිනයේ වසා දීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ එම පාසල්වල පාලන අධිකාරීන් අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

මේ දිනවල දිවයින පුරා පවතින අයහපත් කාලගුණය තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී තිබේ.

Previous Article Next Article