×

Search News

LATEST NEWS

මහවැලි ගංඟා ද්‍රෝණියේ මහා ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බවයි.

එම නිසා අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවන මහ ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගංඟාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු බවයි.

Previous Article Next Article