ආපදා මරණ 159 දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ තවත් පුද්ගලයින් 203 දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති බවයි.
එම මධ්‍යස්ථානය අද (29) රාත්‍රී 8ට නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව සඳහන්ව තිබෙනවා.
දැනට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 234503ක පුද්ගලයින් 833985 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව වාර්තා වනවා.
තවද පවුල් 3419කට අදාළව පුද්ගලයින් 122822 දෙනෙක් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන 919ක රැඳී සිටිනවා.