×

Search News

LATEST NEWS

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක ආධාර

ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ "දිට්වා සුළි කුණාටුවෙන් ප්‍රජාවන් තවමත් පීඩාවට පත්ව සිටින බැවින්, බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව දුෂ්කර දිනවලට මුහුණ දී සිටී. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් සිටී. අද අපි හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට ඩොලර් මිලියන 2ක් ලබාදෙන්නෙමු."

අමෙරිකාවේ සහයෝගය ශ්‍රී ලංකාව සමඟ ඇති කල් පවත්නා හවුල්කාරිත්වය සහ වර්ථමානයේ මෙන්ම අනාගතයේ දී පවුල් නැවත ගොඩනැගීමේ දී ඔවුන්ට සහාය වීමට ඇති කැපවීම පිළිබිඹු කරන බවද ඇය සිට සටහනෙන් පෙන්වා දී තිබුණා.

Previous Article Next Article