කැලණි ගඟේ ජල මට්ටම ඉහළට - මහජනතාවට ඉවත් වන ලෙස උපදෙස්
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත් බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්.
මේ අනුව කඩුවෙල - මාලබේ, අතුරුගිරිය - මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස දැනුම් දී තිබෙනවා.
අදාළ ජනතාවට මාලඹේ ආදර්ශ විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලයට යන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.