කෑගල්ල මාවනැල්ල නාය යෑමකින් පුද්ගලයින් සිව් දෙනෙක් අතුරුදහන්
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.
මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා පැවසුවේ සිද්ධියෙන් පුද්ගලයින් සිව් දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.
තවත් පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ (29) රාත්‍රියේ නැවත නිවෙස් බලා ගිය සිව් දෙනෙක් මෙම නාය යෑමට හසුව අතුරුදහන්ව ඇති බවයි.