වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න ලෙස ඉල්ලයි
වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ට අද (30) පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විදුලිබල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුල ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බව පෙන්වා දෙනවා.