×

Search News

LATEST NEWS

ආපදා මරණ 193ක් දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ ගණන අද (30) දහවල් 11.30 වන විට 193ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ තවත් පුද්ගලයින් 228 දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති බවයි.

මේ වන විට පවුල් 266114කට අයත් පුද්ගලයින් 968304ක් ආපදාවට ලක්ව ඇති බව වාර්තා වනවා.

මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ මරණ 71කි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී ඇති බව සඳහන්.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට ලක්වූ ස්ථානයන් වෙත තවමත් මුදා ගැනීමේ සහන කණ්ඩායම්වලට ළඟා වීමට අසීරු වී ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ හේතුවෙන් මහනුවර පුද්ගලයින් 105 දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 53 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article