×

Search News

LATEST NEWS

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

අ.පො.ස. උසස් පෙළ සහ පැවැත්වීමට නියමිත තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව අදාළ විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම් දෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ විදුලිය බිඳ වැටීම සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ සම්බන්ධව විමසමින් විභාග දෙපාර්තමේන්තුව වෙත ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් ඒ අනුව මෙම පියවර නැවත දැනුම් දීමට පියවර ගත් බවත්ය.

Previous Article Next Article